ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හා ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
අන්තර්ජාතික අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීම/පිටු දැකීම සහ පොලිස් සහයෝගිතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක වෙයි.
ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් වෙළෙඳාම, මිනිස් ජාවාරම සහ වෙනත් ආකාරයේ සංවිධානාත්මක හා ජාත්‍යන්තර අපරාධ හේතුවෙන් වර්ධනය වන අභියෝගයන්ට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමාන අභිලාෂයන් සහිතව කටයුතු කරයි.