එළැඹෙන සතියේ අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
එම අවස්ථාවේදී ඇතැම්විටකදී අවබෝධතා ගිවිසුමකට පවා එළැඹිය හැකි බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කළහොත් එයට ඉඩ නොදන බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් අමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවත්, එයින් ඇඟවෙන්නේ වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයක් කළ නොහැකි බවයි.