දකුණු ආසියානු සයිනොලොජි (චීන අධ්‍යයන) විද්‍යාඥයින්ගේ දෙවැනි සමුළුව අද ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
ලෝක සයිනොලොජි මධ්‍යස්ථානය, කැලණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා – චීන සංගමය එක්ව අද (12) සහ හෙට (13) මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.
මෙහිදී සයිනොලොජි පර්යේෂණවල අධ්‍යයන අවබෝධයන් සහ චීන ජයග්‍රහණ බෙදා ගැනීමට සූදානම් වේ.
සමුළුවේ තේමාව වන්නේ ” සයිනොලොජි සහ චීන අධ්‍යයනවල දෘෂ්ටිකෝණයෙන් – දකුණු ආසියාවේ මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක භාවිතය සහ ගවේෂණය ප්‍රවර්ධනය කිරීම” යන්නයි.
සමුළුවට චීනය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි විද්වතුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වේ.
ඔවුන් විසින් ප්‍රධාන දේශන සහ සමාන්තර සංසද හරහා කලාපීය සයිනුලොජි සහ චීන අධ්‍යයන සංවර්ධනයට අදාළ ගැටලු සාකච්ඡා කරනු ඇත.
චීන අධ්‍යයන දෙවැනි සමුළුව අද කොළඹදී ඇරඹේ.
