අග්‍රාමාත්‍යවරිය ග්ලෝබල් සවුත් අඛණ්ඩතා සමුළුවට සහභාගී වෙයි.

ගෝබල් සවුත් අඛණ්ඩතා සමුළුවේ සම්මාරම්භක උත්සවය ඊයේ කොළඹ සිනමන් ලයිෆ් හෝටලේදි ආරම්භ කෙරුණා.
එහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්.

සමුළුවේ මෙවර තේමාව වන්නේ මැතිවරණ අඛණ්ඩතාව, තොරතුරු අඛණ්ඩතාව මෙන්ම ඩිජිටල් ආරක්ෂාව යන්නයි. තාක්ෂණය ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය යන අංශ අතර පවත්නා සම්බන්ධතාව හඳුනා ගැනීම වඩාත් කාලෝචිත අවශ්‍යතාවයක් බව සමුළුවේ ප්‍රධාන දේශනය අමතමින් අග්‍රාමාතිතුමිය පැවසුවාය.
වත්මන් ඩිජිටල් යුගය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් අතර තිබුණු ගැටළු විසඳීම සඳහා ගෝලීය දකුණු කලාපයෙන් ලැබෙන නායකත්වය දිරිමත් කිරීමට Factum ආයතනය දරන උත්සහය පැසසුමට ලක් කරා.
ග්ලෝබල් සවුත් අඛණ්ඩතා සමුළුව යනු කොළඹ කේන්ද්‍ර කර කරගත් ආසියා ෆැසිපික් කලාපය පිළිබඳ අවධානය යොමු කරන Factum පර්යේෂණ ආයතනය විසින් ඩිමොක්‍රසි රිපොටින් ඉන්ටර්නැෂනල් (Democracy Reporting International ) හා එක්ව යුරෝපා සංගමයේ සහාය ඇතිව සංවිධානය කරනු ලබනවා. එය මැතිවරණ අඛණ්ඩතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකි.


මෙම සමුළුවට දකුණු කලාපීය රටවල් දොළහකට අධික සංඛ්‍යාවක සිට පැමිණෙන ඩිජිටල් අයිතිවාසිකම් සහ තාක්ෂණික ප්‍රතිපත්ති විශේෂඥයන් ඇතුලු විද්වතුන් එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *