ඊශ්‍රාලයෙන් ඉරානයට ගුවන් පහර

ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් ඊයෙ මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇත.

‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙස ඔවුන් මෙය නම් කර තිබේ.ප්‍රහාර හමුවේ ඉරානයේ වඩාත් බලගතු පුද්ගලයෙක් ලෙස සැලකෙන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් හොසේන් සලාමි මිය ගොස් ඇත. මේ අතර ඊශ්‍රායලය විසින් රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශීවීම්ද තහනම් කිරීමට පියවර ගෙන තිබේ.ඒ ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බවට පවතින සැකය මතයි.
ප්‍රහාර සඳහා එක්සත් ජනපද මැදිහත්වීමක් හෝ එක්සත් ජනපද සහායක් නොතිබූ බව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.
“අද රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගත්තා. අපි ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ නොවන අතර අපගේ ප්‍රමුඛතාවය වන්නේ කලාපයේ ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීමයි” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *