සින්දූර් මෙහෙයුමේ දි පකිස්තානය පැය කිහිපයක් ඇතුළත ඉන්දියාව දණ ගැස්වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.
එය ඉන්දියාවෙ වේගවත් සාර්ථකත්වය පෙන්න්නුම් කරන්නක් බවත් ඉන්දියාවේ නූතන හමුදා ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් ලෙසත් ප්‍රකාශ කොට තිබුනා.
ඊයෙ පැවති ප්‍රසිද්ධ දේශනයකදී මෝදි ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම ඉන්දියාවේ උපායමාර්ගික විශිෂ්ටත්වය පෙන්නුම් කළ බවයි. ආරක්ෂක තාක්ෂණයන්හි ඉන්දියාවේ වර්ධනය වන ආත්ම විශ්වාසය සහ සන්නද්ධ හමුදාවන්හි තරුණයින් විසින් ඉටු කරන ලද තීරණාත්මක කාර්යභාරය අවධාරණය කල අගමැත්වරයා ප්‍රකාශ කලෙ, අවම බාහිර සහාය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
“මෙම මෙහෙයුම අපගේ ශක්තිය පමණක් නොව, අපගේ දක්ෂතාවය පෙන්නුම් කලා මෝදි ඉන්දීය ජාතික රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදී ද පවසුවා.
මෙහෙයුම පිළිබඳ විස්තර රහසිගතව පවතීන , නමුත් ආරක්ෂක විශ්ලේෂකයින් සහ එය සම්බන්ධීකරණය කරන ලද පාර්ශවයන් ප්‍රකාශකරන්නෙ මෙය සාමුහික ප්‍රයත්නයක් බවයි. එ සදහා , සමහර විට සයිබර්, ඩ්‍රෝන් සහ ඉලක්ක ගත ගුවන් ප්‍රහාර ද ඇතුළත් විය .ආරක්ෂකශිත ඉන්දියාවක් යන තෙමාවෙ සාර්ථකත්වය අවධාරණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගත් අතර, දියුණු හමුදා දෘඩාංගවල දේශීය නිෂ්පාදනය වර්දනය ද පෙන්වා දුන්නා.
ඉන්දියාව සහ පකිස්ථානය අතර විරසකය ඉහළ මට්ටමක පවතින , නමුත් මේ අවස්ථාවේ දී එය තවදුරටත් උත්සන්න වීමක් අපේක්ෂා නොකරන බව නිලධාරීන් තහවුරු කරනවා. අගනුවර දෙකෙහිම රාජ්‍ය තාන්ත්‍රික සබදතා සක්‍රීයව පවතින බව ද ඔවුන් පෙන්නාදෙනවා.
ඉන්දියා-පකිස්ථාන ගැටුම යනු බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීමෙන් හා ජාතීන් දෙක නිර්මාණය කිරීමෙන් පසුව 1947 දී ආරම්භ වූ දිගුකාලීන හා සංකීර්ණ ආරවුලකි. ගැටුමේ හෙතුව වන්නෙ ජම්මු සහ කාශ්මීර භූමිය රටවල් දෙකට ම සම්පූර්ණයෙන්ම හිමිකම් ඇතියි දෙපාර්ශවයම විශ්වාශ කිරිමයි.
සින්දූර් මෙහෙයුමේ දි පකිස්තානය පැය කිහිපයක් ඇතුළත දණ ගැස්වූවා
