දෙවැනි දිනටත් වතිකානුවෙන් කළු දුමාරයක් පිටවෙයි

දෙවැනි දිනයටත්  සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුමාරයක්  පිට වූ අතර නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට අද දිනයේත් අපොහොසත් වී තිබෙනවා. 

කතෝලික පල්ලියේ බිලියනයකට වැඩි සාමාජිකයින්ගේ මීලග නායකයා වන නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා පළමු ඡන්දය ඊයේ දින (මැයි 07)  පැවැත්වුණි. පලමු දිනයේදී සිස්ටයින් දේවස්ථානයට රැස්වූ කාදිනල්වරුන්ට නව පාප්වරයෙකු තෝරා පත්කර ගැනීමට නොහැකි වූ අතර අද දිනයේත් උදෑසන නැවත කාදිනල්වරුන් එකසිය තිස්තුන් දෙනෙකු  සිස්ටයින් දේවස්ථානයට රැස්වූයේ නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමටයි. මීට සුළු මොහොතකට පෙර ඡන්ද විමසීම අවසන් වූ අතර කාදිනල්වරුන්ට නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට අද දිනයේදීත් නොහැකි වූ බව දේවස්තානයෙන් පිටවූ කළු දුමාරයෙන් සංඥා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *