ආරක්ෂක සේවා බොක්සිං තරඟාවලියේ කාන්තා අංශයේ ජය ගුවන් හමුදාවට

ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ බොක්සිං තරඟාවලිය කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම තරඟාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම  සුවිශේෂී දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව අභිබවමින් රන් පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ කාන්තා බොක්සිං කන්ඩායම සමස්ථ ශුරතාවය දිනා ගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය දිනා ගත් අතර එහි ශූරතාවයට හිමිකම් කීමට  ශ්‍රී ලංකා යුධ හමුදාව සමත් විය.

ශූරතාවලියේ හොඳම පරාජිත ක්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් කසුන්  කුමාර හා හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා නිෂාදි මල්ෂානි යන අය සම්මාන දිනා ගන්නා  ලදී.

තරගාවලියේ කුසලාන සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සදහා  ත්‍රිවිධ හමුදා නිලධාරීන් සෙසු නිළයන් හා ක්‍රිඩක ක්‍රිඩිකාවන්  ඇතුලු පිරිසක් එක්වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *