ක්ෂුද්‍ර කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකන් දේශපාලන පාපන්දුවක් වෙලා – විපක්ෂ නායක

ක්ෂුද්‍ර කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකන්ගේ ගැටලු වලට විසඳුමක් ලැබි නැතැයි විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස පවසනවා.


පරාටේ නීතීය උපයෝගී කරගනිමින් ඔවුන්ගේ දේපල සහ සම්පත් අත්තනෝමතික සහ හිතුමතේ ට වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය පෑවත් රජය එම නීතීය ගෙන ඒම කල් දැමූ බව විපක්ෂ නායක වරයා වැඩිදුරටත් පවසා සිටියා.


රජය ලබා දෙන තීන්දු මහබැංකුව ගනන් නොගන්නා බවත් මහබැංකු බාණ්ඩාගාරය ලබදෙන උපදෙස් බැංකු පද්ධතිය ගනන් නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

රජයේ උපදෙස් පැහැර හැරීම නිසා ආණ්ඩුවක් තිබේද යන්න ගැටලුව පවති.

“ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකයින් පාපන්දුවක් කර නොගන්නා ලෙසත් මැතිවරණ සමයේ දුන් පොරොන්දු කඩිනමින් ක්‍රියාත්මක කර දෙන ලෙස” විපක්‍ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම ව්‍යවසායකයින් ආරක්ෂා කළ යුතු බවයි ඔහු පවසා සිටියේ.
රටේ දළ දේශීය නිෂ්පාදනයට 50% ක දායකත්වයක් ලබා දෙන මේ පිරිස, ලබා දී ඇති රැකියා ප්‍රමාණය ලක්ෂ 40 කට ආසන්න වේ.

ජූනී 30 සිට නැවත වරක් දේපල වෙන්දේසීය සිදුවන බව පැවසු විපක්ෂ නායකවරයා උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි රජයට පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *