කෝට්ටේ රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද, සදාතුක ධාතු මන්දිරය බුදු සසුනට පුද කරයි

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාර භූමියේ අභිනවයෙන් ඉදිකරන ලද, සදාතුක ධාතු මන්දිරය මහා සංඝරත්නයයේත්, බැතිමතුන්ගේත් වන්දනාමානය පිණිස බුදු සසුන වෙත පූජා කිරීම ඊයේ දින අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ සභාගිත්වයෙන් සිදුකෙරුණා.

ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ නායක මාහිමිපාණන් වහන්සේ විසින් සමරු ශිලාලේඛනය නිරාවරණය කිරීමෙන් අනතුරුව, එම මන්දිරයේ පහත මාලයේ ස්ථාපිත කර තිබෙන නව විහාරස්ථ කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ද එක්වුනා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *