ප්‍රදේශ කීපයකට අදත් තද වැසි

අද දිනයේ සවස් කාලයේ හා රාත්‍රී කාලයේ ප්‍රදේශ කීපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නුවරඑළිය,ගාල්ල,මාතර,බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මෙලෙස වැසි ඇති විය හැකියි.
පැයට කිලෝමීටර් 30 ත් 40ත් අතර තද සුළං ඇති වන අතර උතුරු,උතුරු මැද,දකුණු, වයඹ පළාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද සුළං සහ අකුණු මගින් ඇතිවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *