අත්තිඩිය කුරුලු උයන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම පරිසර ඇමතිවරයාගෙ අවදානය යොමුවේ.
ප්‍රදේශයේ පාරිසරික ගැටලු අධ්‍යයන කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ කඩිනමින් විසඳුම් ලබාදෙමින් මෙම කුරුලු උයන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන බවයි.
දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයන්ට මායිම්ව පවතින රත්මලාන අත්තිඩිය කුරුලු උයන පාරිසරික ප්‍රදේශයේ සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් ලැබුණු ඉල්ලීම් මත පරිසර අමාත්‍යවරයා මෙම නිරීක්ෂණයේ යෙදී තිබුණා.
මෙම පරිසර කලාපයේ ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇති අතර වැඩි වශයෙන් දේශීය සහ සංක්‍රමණික පක්ෂීන් විශාල වශයෙන් ජීවත්වන පරිසර පද්ධතියක් බැවින් සංරක්ෂණය කළ යුතු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන වගුරු බිම් සහිත බැවින් ජලය උරාගනිමින් ගංවතුරින් මේ ප්‍රදේශයට වගරුබිම හරහා ආරක්ෂාව සැලසෙනවා.
එබැවින් මෙය පරිසර සංවේදී කලාපයක් වන අතර එම පාරිසරික ප්‍රදේශය සුරක්ෂිත කිරීමේ වැදගත්කම මෙහි දී අවදානය යොමු කර තිබුනා.
අත්තිඩිය කුරුලු උයන ප්‍රදේශයේ කුරුලු ගහනය වර්තමානයේදී අඩුවීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ මෙම තෙත් බිම් පද්ධතිය ගොඩකර අභය භූමිය ඇතුළත ජනාවාස පිහිටුවීම සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් සිදුවන පරිසර දූෂණයයි.
පරිසර අමාත්‍යතුමා විසින් මෙම ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලද අතර කඩිනමින් විසඳුම් ලබාදෙමින් මෙම කුරුලු උයන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන බවට අවධාරණය කර තිබෙනවා.