විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද භාරදුන්නා.


විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයාන්ත කරුණාතිලක මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත විශ්වාස බංග යෝජනාව භාර දඅන්නා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුන ජයසේකර නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් එම යෝජනාවෙන් පෙන්වාදී තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යය අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංගයෝජනාව කරුණු 16කින් මන්විතයි.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32නෙකුගේ අත්සනින් යුතුවයි විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයා වෙතත් ෙ බැහැර දෙනු ලැබුවේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *