කාන්තාවන්ට ශ්‍රම බලකාය වෙත යොමුවීමට වැඩි ඉඩක් ලැබීමෙන් මෙරට දළ දේශීය නිශ්පාදනය 20% ක අගයකින් වැඩි කළ හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
“ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ආර්ථික සහභාගිත්වය වර්ධනය කිරීම” යන තේමාව යටතේ ලෝක බැංකු සමූහය මඟින් සංවිධානය කරන ලද වැඩසටහනක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුනා.
ඒ කොළඹ cinnamon Life හෝටලයේ දී.
ළමා රැකවරණය තහවුරු කර කාන්තාවන් වැඩි වශයෙන් රටේ ආර්ථිකයට සම්බන්ධ වීමේ අවස්ථා පුළුල් කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන පැවැත්වුනා.
ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ළමා ආරක්ෂණය කිසිසේත්ම කාන්තාවන්ට පමණක් වෙන් වූ වගකීමක් නොවන බවයි.
රටේ ආර්ථික ප්‍රගතිය සදහා කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ වීමේ අවස්ථා පුළුල් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය පවසනවා.
සංඛ්‍යා ලේඛන අනුව 32%ක් වන මෙරට කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය 74% ක් වන පිරිමින්ගේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු අඩු අගයක් ලෙස පෙන්වූව ද මෙරට ආර්ථිකය වෙනුවෙන් කාන්තාව දක්වන අසීමිත මෙහෙය එලෙස සංඛ්‍යා ලේඛන මඟින් ලඝු කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
ළමා ආරක්ෂණ සේවා සපයන ව්‍යාපාර සඳහා බදු දිරිගැන්වීම් ලබා දීම, වැඩකරන පවුල් සඳහා ආර්ථික සහනාධාර ලබා දීම සහ එම සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක රාමුවක් දැනටමත් ක්‍රියාත්මක වේ.
ඒ වෙනුවෙන් ලෝක බැංකු සමූහය මගින් ලබා දෙන සහයෝගය ද අග්‍රාමාත්‍යවරිය විසින් විශේෂ ඇගයුමට ද ලක් කර තිබෙනවා.