ඩෙංගු රෝගීන් 26,775 ක් සහ ඩෙංගු මරණ 14 ක් වාර්තා වේ.

අද වන විට ඩෙංගු රෝගීන් 26775 සහ ඩෙංගු මරණ 14 ක් වාර්තාවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර පවසනවා.


වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඊට අමතරව අනෙකුත් දිසිකවලින් රෝගීන් වාර්තා වෙනවා.


ඇතිවී තිබෙනවා මෝසම් වර්ෂාව නිසා මදුරු ඝනත්ව වැඩි වී තිබෙනවා.
දින දෙකකට වැඩියෙන් උන තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා.


ඩෙංගු ව්‍යාප්තිය අඩු කර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාල මගින් වැඩසටහන් දියත් කර තිබෙනවා.


ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ජුනි මස තිස් වැනිදා සිට ජූලි මස පස් වැනිදා දක්වා දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111 ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ.
ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ නොකරන අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *