ජාතික තරුණ සමළුව වසර 32 කට පසු හෙට කොළඹදී

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුනසේකර විසින් මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය

“දැන් සුන් බුන් විපක්ශයට නායකත්ව තරගයක් ඇවිත් තියෙනවා. රනිල් නින්දෙන් නැගිටලා ප්‍රකාශයක් නිකුත් කළා.

ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනාට උත්තර දෙන්න ඕනේ නෑ. නමුත් කාරණා කිහිපයක් අහන්න තියෙනවා. රනිල් වික්‍රමසිංහ තමයි ජන අරගලය හයිජැක් කරලා ජනාධිපති වුණේ.

අපි එනකම් තරුණ සේවා සභාවේ ලේකම් වෙලා හිටියේ තරිදු නවීන් කියලා කෙනෙක්. එයා තමයි ගලගෙදර එක්සත් ජාතික පක්ෂ සංවිධායක. යෞවන සමාජ ලේකම් ලෙස කටයුතු කරද්දි ඔහුව ගලගෙදර සංවිධායක කරපු රනිල් දැන් කියනවා දේශපාලන කරන්න එපා කියලා.

සරණ සේවා සභාවේ තරුණයන්ට වියදම් කරන්න තිබ්බ මිලියන ගාණක් මුදල් තමන්ව පුම්බාගන්න පාවිච්චි කරපු රනිල් අද ඇවිල්ල කියනවා දේශපාලනීකරණය කරන්න එපා කියලා.

රනිල් පත්කරපු පසිඳු ගුණරත්න සභාපති ධූරයේ ඉද්දී රනිල්ට ඡන්දය දෙන්න කියලා තරුණ සේවා සභාවේ ළමයින්ව තරුණ සේවා සභාවට කැඳවලා කරපු යූත් සමිට් එකේ දී කියනවා.

හිටපු ඇමති රනිල්ව පුම්බන්න මිලියන ගාණක් වියදම් කරලා රට වටේ ශෝ ගැහුවා. රනිලා සජිත්ලා රාජපක්ෂලා කරපු දූෂණ වංචා එළියට එද්දී තමන් වෙත එන නීතිය වෙනත් පැත්තකට යොමු කරන්න දහංගැට දානවා.

අවුරුදු 32න් ජාතික සමුළුවක් කරලා නෑ. අපි හදන්නේ මේ රටේ පොදු තරුණයාට තරුණියට එකතු වෙන්න තැනක් ගොඩනගන්න. රටේ අනාගතයට ගැලපෙන තරුණයෙක් තරුණියක් ගොඩනඟන වැඩපිළිවෙළ තමයි අපි මේ හරහා කරන්නේ.

දැන් සුන්බුන් විපක්ෂයට විපක්ෂ නායක කෙනෙක් ඕන වෙලා තියෙනවා. රනිල් විපක්ෂ නායක වීමේ අරමුණෙන් තමයි මේ දේවල් කරන්නේ.”

Comments (0)

Your email address will not be published. Required fields are marked *