යාපනයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව 30,000 කට අධික බවයි වාර්තා වන්නේ. පාද යාත්‍රාව හෙට ආරම්භ කිරීමට නියමිතයි.
මේ පිළිබඳව දැනුවත් කරන මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
පාද යාත්‍රාව පරිසර හිතකාමී ගමනක් ලෙස සිදු කිරීම ගැන බැතිමතුන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
පා ගමන පරිසර හිතකාමව පවත් වන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම පසුගිය වසරවක පැවති පාද යාත්‍රා තුලින් විශාල පරිසර හානියක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
සාකච්ඡාවට සහභාගී වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් මාරසිංහ මහතා කියා සිටියේ වන සතුන්ට බාධාකාරී සිදුවීම් සිදුවුවහොත් ඊට වනජීවී දෙපාර්තමේන්තුව මැදිහත්ව ක්‍රියාමාර්ග ගන්නා බවයි.