නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණය විනිසුරුවන් දෙදෙනෙක් අද දිවුරුම් දෙනු ලැබුවා.

දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී සිදුවුණා.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ දිවුරුම් දීම සිදුවුණා.


මේ අවස්ථාවට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමනායක මහතා සහභාගි වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *