වන සතුන්ගෙන් සිදුවන භෝග හානි වලට වැට

වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීමට කමිටුවක් පත් කළා.

එහි ප්‍රධානත්වය දරන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතායි.
පළමු රැස්වීම ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.


මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමයි.


වන ජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බව ද, වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවද, ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුනා.


පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දන්ගල්ල මහතා පෙන්වා දුන්නේ රිලවුන් සම්බන්ධයෙන් වසර පහළොවකට අධික කාලයක් කරන ලද අධ්‍යයන මත පදනම්ව, මෙම ගැටලුවට විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ සාර්ථක විසඳුම් ලබා දිය හැකි බවයි.

සත්ව ගහනය පාලනය කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ආදී නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *