ඌණ සංවර්ධිත රටවල් සඳහා චීනයෙන් “ශුන්‍ය තීරුබදු”

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවතින ඌණ සංවර්ධිත රටවල සියලු නිෂ්පාදන සඳහා චීනය “ශුන්‍ය තීරුබදු” පියවර ක්‍රියාත්මක කරන බව චිනය පවසයි.පසුගිය 16 වැනිදා සිට 18 වැනිදා දක්වා ජිනීවාහිදී පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ සංවර්ධන රැස්වීම් අතරතුර, චීන නියෝජිතයා එම පියවර නිල වශයෙන් දැනුම් දුන්නේය.

අප්‍රිකානු රටවලට සහ ඌණ සංවර්ධිත රටවලට චීනය නව සංවර්ධන අවස්ථා සහ සංවර්ධන ශක්තිය ලබා දීමට අපේක්ෂා කරන බව චීන නියෝජිතයා එහිදී පවසා ඇත. වත්මන් ජාත්‍යන්තර වෙළඳාමේ කැළඹිලි සහගත තත්ත්වය තුළ, නිදහස් හා විවෘත ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙල ඒකාබද්ධව ආරක්ෂා කරමින් පොදු ජයග්‍රාහී ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කරන ලෙස චීනය සංවර්ධිත සහ හැකියා සහිත සංවර්ධනය වෙමින් පවතින සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කෙරිණ. පිළිබඳව ඌණ සංවර්ධිත රටවල සහ අප්‍රිකානු රටවල නියෝජිතයන් එම අවස්ථාවේදී චීනයට අවංක කෘතඥතාව පළ කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් පෙර නොවූ විරූ අභියෝග සහ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙමින් සිටී. චීනයේ ක්‍රියාමාර්ග සෙසු සාමාජිකයින් සඳහා මනා ආදර්ශයක් බව ඔවුන් අවධාරණය කර ඇත.

-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *