කෙහෙළිය, දියණියන් සහ බෑනා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරන චෝදනාවට අදාළව පැවැත්වෙන විමර්ශනයකට හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ දියණියන් වන ජයනිකා සහ නයනිකා, බෑනා වන ඉසුරු බණ්ඩාර යන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණ චෝදනා යටතේ රුපියල් දහතුන්කෝටි හතලිස් හත්ලක්ශ අනූ හත්දහසකට වඩා වත්කම් සහ රුපියල් මිලියන 40ක් වටිනා නිවසක් , රුපියල් ලක්ෂ 250 ක් වටිනා මෝටර් රථයකට අදාළව එම විමර්ශන කටයුතු සිදුකෙරෙනවා.

සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *