ඉරානයේ න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව යොදා ගැනීමේ අයිතිවාසිකම් සහතික කිරීමට රුසියාවේ කැමැත්ත පළ වෙයි.

ඊශ්‍රායලයේ ආරක්ෂක කණස්සල්ල සමනය කරමින් න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳ ඉරානයේ අවශ්‍යතා සහතික කිරීමට කටයුතු කිරීම සඳහා රුසියාව කැමැත්ත පලකර තිබෙ .  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ බව ප්‍රකාශ කළේ ඊයේ(18) ශාන්ත පීටර්ස්බර්ග්හිදීය.

රුසියාව මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ඇමරිකාව සමඟ අදහස් හුවමාරු කර ගෙන ඇති බවත්, වත්මන් තත්ත්වය සඳහා පලදායි  විසඳුම් යෝජනා කර ඇති බවත් පුටින් මෙහිදි පැවසීය. රුසියාව සහ ඉරානය අතර අන්‍යෝන්‍ය විශ්වාසය ඉහළ මට්ටමක පවතින අතර, දෙරට සබඳතා යහපත් බවත්, Bushehr න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රුසියාව ඉරානය සමඟ සහයෝගීතාවය අත් නොහරින බවත් ඔහු පැවසීය. ඊට අමතරව, රුසියාව සහ ඉරානය අතර ගිවිසුම් තුළ, ජාතික ආරක්ෂාවට අදාළ කිසිදු අන්තර්ගතයක් අඩංගු නොවන අතර ඒ සඳහා ඉරානයට කිසිදු අවශ්‍යතාවක් ද ඉදිරිපත් නොකළ බව රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේය.

-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *