බස් පැමිණිලි දැනුම් දෙන්න Whats App අංකයක් හඳුන්වා දෙයි.

බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක් හදුන්වා දීම කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දී අද(30) සිදුකෙරුණා.

ඒ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගිනුයි.

මගීන්ට සිය පැමිණිලි බස් රථයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලබාදීමට හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී ඒ චන්ද්‍රපාල මහතා පවසනවා.

මෙම අංකය ඇතුලත් ස්ටිකර් බස් රථවල ඇලවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

ඒ බැස්ටියන් මාවත පෞද්ගලික බස් අංගනයේ දීයි.

0712595555 එම අංකයයි.

මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද සිය ගැටලු මෙමගින් ඉදිරිපත් කළ හැකි බවයි සභාපතිවරයා තවදුරටත් සදහන් කළේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *