හම්බන්තොට මහ නගර සභාවේ සහ බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිධූර “සජබ” ට

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිධූරය සහ බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.

හම්බන්තොට මහා නගර සභාවේ මංගල සැසිවාරය පැවැති අද (23) දින නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී. ඒ. ගාමිණි හම්බන්තොට මහා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා.

මේ අතර බුත්තල ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (23) පැවත්වුණා.

එහිදී සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රාජික චතුරංග බුත්තල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *