යුරෝපා සංගමය අතර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අරමුණෙන් ජනපති හා යුරෝපා සංගම් සභාපති සමග සාකච්ඡාක් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) සඳහන් කළේ, සිය සංචාරය මගින් යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව කෙරෙහි සුවිශේෂී අවධානයක් පවතින බවයි.
ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග ජය ගැනීමට, ඇමරිකාව විසින් පනවා ඇති ඇති නව තීරුබදු ක්‍රමය හමුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමාවන් තුළ කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP+ සහනයට යුරෝපා සංගමයේ ධනාත්මක ප්‍රතිචාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අගය කර සිටියේය.
ශ්‍රී ලංකා – පෝලන්ත ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදවද මෙහිදී වැඩිදුරත් සාකච්ඡා විය. දෙරට අතර පවතින වසර 50 ක ආර්ථික සහ වෙළෙඳ සබඳතා හා වසර 30ක සංවර්ධන සහයෝගීතා වැඩපිළිවෙළ සිහිපත් කල පෝලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නව රජය සමග සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.
යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව සුවිශේෂි රටක් බව පෝලන්ත විදේශ අමාත්‍යවරයා පවසයි.
