ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර

එක්සත් ජනපදය ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික ස්ථානවලට පහර දීමෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වලට පහර දී තිබෙනවා.


ඉරානය විසින් එල්ල කල මිසයිල ප්‍රහාර හේතුවෙන් ටෙල් අවිව් හි ගොඩනැගිලි සමූහයකට හානි සිදු වී තිබෙනවා.


ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව වාර්තාවන්නේ සෙනසුරාදා රාත්‍රියේ සහ ඉරිදා උදෑසන පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි.


ඉරිදා අලුයම ඉරානයේ වැදගත්ම න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කිරීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් වලට මැදිහත් වීම සිදු වුනා.


එක්සත් ජනපදය තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම සම්බන්ධයෙන් ඉරානයේ පළමු ප්‍රතිචාරය වූයේ ඇමරිකානු කඳවුරුවලට නොව ඊශ්‍රායලයට පහර දීමයි.


ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සෘජු ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ඉරාන වැසියන්ගේ දැඩි විරෝධය පල වුනා.


ටෙහෙරානයේ වීදිවල සිටින ජනතාව පවසා ඇත්තේ තම රට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

-Source CNN –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *