ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉන්දුනීසියාව සූදානම්…

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ව ඉන්දුනීසියාඅවධානය යොමු කරයි. ඒ සඳහා අවස්ථා සලසා ගැනීම අපේක්ෂාව බව ඉන්දුනීසියා තානාපතිනිය සඳහන් කලේ මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පැවති සාකච්ඡාවකදී ය. ඊට අමතරව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රවල ඒකාබද්ධව කටයුතු කිරීමට ද ඉන්දුනීසියාව සූදානමින් සිටී. ඉන්දුනීසියා තානාපති සමග නියෝජ්‍ය තානාපති ද සාකච්ඡාවට එක්වූහ. එහිදී ඉන්දුනීසියාවේ දුම්රිය සේවා ආශ්‍රිත විශේෂ ජයග්‍රහණ පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණ. ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘති සම්බන්ධව ද දෙපාර්ශවය සාකච්ඡා කළේ ය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *