අද දින නිරිත දිග මෝසම් තත්වය දිවයින පුරා ස්ථාපිතව පවති. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලීමිටර් 75ක් පමණ තද වැසි ඇතිවිය හැක.
උතුරු සහ උතුරුමැද පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර පළාත තුළ හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
වයඹ, උතුරුමැද, උතුරු, මධ්‍යම සහ දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 ත් අතර වේගයෙන් තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සෑම ආරක්ෂිත පියවරක්ම ගන්නා ලෙස මහජනතාවගෙන් කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව ඉල්ලා සිටියි.