මානව හිමිකම් මහ කොමසාරිස් නැගෙනහිර සංචාරයක

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට ඊයේ (25) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ( Volker Turk ) පැමිණ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.


මෙහිදි නැවත පදිංචි කිරිම්, අතුරුදහන් වූවන් පිළිබදව, මානව හිමිකම් සුරැකීම පිළිබදව, මත් ද්‍රව්‍ය නිවාරණය හා නැගෙනහිර පළාත තුළ පවතින ඉඩම් ගැටළුව පිළිබදව දිර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

එහිදි මානව හිමිකම් මහ කොමසාරිස්තුමා වර්තමානයේ ශ්‍රී ලංකාවේ රජය විසින් ගෙන ඇති තීරණ පිළිබද හා දුෂණ විරෝධි ප්‍රතිපත්ති පිළිබද සතුටට පත්වන බවද ප්‍රකාශ කළා.

ඔහු ඊයේ පෙරවරුවේ ත්‍රීකුණාමලයේ සිවිල් සංවිධාන හා ආගමික නායකයින් හමුවී සාකච්ඡා කොට පසුව ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.

වෝලකර් ටර්ක් ( Volker Turk ) මහතා ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරතවෙයි.


මෙම අවස්ථාවට විදේශ සේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හොමචන්ද්‍ර මහතා, එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා ඇතුළු දූත පිරිස, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් හා අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රීක්කයන්හි දිස්ත්‍රීක් ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *