ශ්‍රී ලංගමය විසින් අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් ඍජුවම මිල දී ගැනීමටත්, ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම් සිදු කර, ඉතිරි මුදල වසර 05ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිල දී ගැනීමටත් නියමිතයි.
අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇත.