මුස්ලිම් සිවිල් සංවිධාන නායකයෝ රජයට ස්තූති කරයි

මෙවර හජ් වන්දනාව ඉතිහාසයේ ගැටළු අවම වන්දනා ගමනක් බව ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් පවසනවා. ඊට රජයට ස්තුතිය පල කිරීමේ සාකච්ඡාක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්වුනා. සාකච්ඡාවට එක් වූ මුස්ලිම් සිවිල් නායකින් තම ප්‍රජාව මුහුණ පාන ගැටළු පිලිබද ව ද රජයේ නියෝජිතයින් දැනුවත් කළා.


විවිධ හේතුන් මත වසා දැමුණු මුස්ලිම් ආගමික ස්ථාන, කුර් ආන් ග්‍රන්ථ වැනි ආගමික ග්‍රන්ථ අනයනයේදී මතු වන ගැටළු , මුස්ලිම් හෙද ශිෂ්‍යාවන්ගේ ගැටළු සාකච්ඡාවේදී අවධානයට ලක් වුණා. අරාබි පාසල් විෂය නිර්දේශ , කොවිඩ් වසංගත කාලයේ භූමී දානය කල දේහ පිළිබද තොතුරු හා , මුස්ලිම් ප්‍රජාවගේ මරණ ලියාපදිංචි කිරීම් ප්‍රමාදයකින් තොරව ලබාගැනීම පිලිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුවා.

මුස්ලිම් ප්‍රජාවගේ ගැටලු වලට අදාල අමාත්‍යංශ හරහා නිසි ලෙස අධ්‍යනකින් පසු පිළිගත හැකි විසදුම් ලබා දිමට කටයුතු කරන බවයි අමාත්‍ය විජිත හේරත් පැවසුවේ . එහිදී ලබන වසරේ හජ් වන්දනාවට යන වියදම සාමාන්‍ය පවුලකට දැරිය හැකි මුදලකට ලබා දීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවා.

මෙ අවස්ථාවට රජයේ මැති ඇමතිවරුන් ඇතුලු මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් සිවිල් සංවිධාන වල නියෝජිතයින්, වෘත්තීය සමිති නියෝජිතයින් , නීතිඥයන් , හා විශ්ව විද්‍යාලීය සිසුන් එක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *