සූරා කෑම සඳහා වන ළමා වෙළදාම බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසනවා.
එය ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධයක් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.ළමයින් වෙළදම් කිරීම, සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යංශය කටයුතු කරනවා.
එම වැඩසටහනට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරීය උපරිම සහය දක්වන බව අමාත්‍යවරිය කියා සිටියා.