ඊයේ රාත්‍රියේදී පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩලු අටක විශිෂ්ට ජයක් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
ඔවුන් IPL අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ සිව්වන අවස්ථාව මෙයයි.
2014 න් පසු පළමු වරට ප්ලේ ඕෆ් තරඟයකට ක්‍රීඩා කල පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට RCB පීඩනය යටතේ ඕවර් 14.1 කදී සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි. ලකුණු 102 ක පහසු ඉලක්කයක් හඹාගිය RCB කණඩායම ඕවර් 10 ක දී කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.