කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසල බැහැර නොකරන්නැයි ඉල්ලීමක්

හැටන්, දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉවත් කරන කැලි කසල කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට බැහැර නොකරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

මේ හේතුවෙන් මැස්සන් සහ දැඩි දුර්ගන්ධය නිසා දැඩි අපහසුතාවයට ලක්ව ඇතැයි ඔවුන් පවසනවා.හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයන්හි ගොඩ ගසා තිබූ කැලිකසල කොටගල කැලි කසල ප්‍රතිචක්‍රිකරණය මධ්‍යස්ථානයට බැහැර නොකරන ලෙස අවට ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

කොටගල ඩෙවෝන් දිය ඇල්ලට ආසන්නවයි කොටගල කැලිකසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ.

දැනට කොටගල කැලිකසල ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයට බැහැර කරන කැලිකසල නිසා බෝවී ඇති මැස්සන් සහ දුර්ගන්ධය වැළක්වීමට අවශ්‍ය ප්‍රතිකර්ම යොදන ලෙසද කොටගල ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *