විශේෂ මදුරු මර්දන වැඩසටහනෙන් සුවිශාල ප්‍රගතියක්

පසුගිය 19 සිට 24 දක්වා පැවති මදුරු මර්දන සතියේදී පරිශ්‍ර 1470 කට නීතී මගින් ක්‍රියාකිරීමට පියවර ගත් බව අමාත්‍යංශය පවසනවා.
එම කාලය තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077ක් හදුනාගන්නා ලදි.

නිකුත් කල රතු නිවේදන ප්‍රමාණය 3916 කි. මදුරු මර්දන සතියේ වැඩසටහන දී දිවයින පුරා නිවාස 119,677 ක්, පාසල් 257ක් සහ වෙනත් අධ්‍යාපන ආයතන 304ක් පරික්ෂෂාවට ලක් විය.

රජයේ ආයතන 789, පෞද්ගලික ආයතන 5025 ක් ඉදිකිරීම පරිශ්‍ර , කර්මාන්ත ශාලා , පොදු ස්ථාන, ආගමික ස්ථාන හා අනෙකුත් ස්ථාන 1100 ක් පරික්ශාවට ලක් කෙරින.
විශේෂ මදුරු මර්දන වැඩසටහන් සතිය දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95 ක් ක්‍රේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහනේදී පරිශ්‍ර පරීක්ෂාව, රතු නිවේදන නිකුත් කිරීම, නීතී මගින් ක්‍රියා කිරීම , ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම ද අරමුණු විය.
වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාව,ශ්‍රී ලංකා පොලිසිය, ජාතික සිවිල් ආරක්ෂක බලකාය සහ විවිධ ස්වේච්ඡා සංවිධාන යන්නෙහි සහයෝගය සෞඛ්‍යාංශ වෙත ලබා දුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *