ඉදිරි දිනවලදී තම පරිපාලනය විසින් අනෙකුත් රටවලට නව ඒකපාර්ශ්වික තීරුබදු අනුපාත ගෙනහැර දක්වන ලිපි යැවීම ආරම්භ කරන බව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු පැවසුවේ රටවල් මුහුණ දෙන තීරුබදු අනුපාතය එම ලිපි මගින් පැහැදිලිව සඳහන් කරන බවයි.
රටවල් 170කට වැඩි සංඛ්‍යාවක් සමඟ තනි තනිව කටයුතු කිරීම ඉතා සංකීර්ණ බව අවධාරනය කරමින් ඔහු පවසන්නේ,
“ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර කිරීමට ඔබ ගෙවිය යුතු මුදල මෙය බව පවසමින් ලිපියක් යැවීමට මම කැමතියි, එය හොඳින් පිළිගනු ඇතැයි මම සිතමි.”
ඔහු අයෝවා හි පැවති උත්සවයකට එයාර් ෆෝස් වන් වෙත ගොඩවීමට පෙර මාධ්‍ය වෙත මේ බව පවසා ඇත.
මීට පෙර එක්සත් ජනපදය වෙළඳ හිඟයක් ඇති රටවල් 60 ක් පමණ ඉලක්ක කර ගනිමින් අප්‍රේල් 2 වන දින නිශ්චිත තීරුබදු ප්‍රකාශයට පත් කිරීම සිදු වුණා.
පසුව එම තීරුබදු පැනවීම් දින 90 කට අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළා.
තීරුබදු අනුපාත සඳහන් කරමින් ලිපි යවන බව ට්‍රම්ප් පවසයි
