වෘත්තීය අධ්‍යාපනය මේ රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා. වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (04) ආරම්භ කළ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහනේදීය. මෙය පැවැත්වුණේ ගම්පහ කාර්මික විද්‍යාලයේදීයි.
ශ්‍රම මෙහෙයුම වැඩසටහන ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කිරීම ගැන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාට මෙහිදී ප්‍රශංසාව පළ කළේය. පාසල් අධ්‍යාපනය තුළින්ම වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට සැලසුම් කර තිබේ. මේ රටේ වෘත්තිය අධ්‍යාපනය ඉහළ තලයකට ගේන බවද ඇය මෙහිදී සඳහන් කළා.

මේ අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු රාජ නිලධාරීන් සහ දරුදැරියන් පිරිසක් එක්වුණා.