026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය තුළ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවීමට විෂය මාලා සංශෝධනය කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කොට ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජුලි 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී පවසන ලදී.
මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ වෘත්තීය විෂය ධාරාවන් 10 සහ 11 ශ්‍රේණි සඳහා හඳුන්වාදීමට නියමිත අතර එහිදී සෑම පාසලකම 10 සහ 11 ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයක් ලෙස මෙම වෘත්තීය විෂයන් හඳුන්වා දෙනු ඇති බවත්, ඒ අනුව 10 ශ්‍රේණියේ සිට වසර හතරක පාසල් කාලයක් වෘත්තීය විෂයක් හදාරා NVQ 4 සහතිකය ලබා ගැනීමේ හැකියාව සිසුන්ට හිමි වේ.
ඒ සඳහා විෂය මාලාව සහ මොඩියුල සංවර්ධනය කිරීම ජාතික අධ්‍යාපන ආයතනය මගින් මේ වන විට සිදුකරමින් සිටින බවත් මේ හරහා උසස්පෙළ වෘත්තීය විෂයන් ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව පවතින පාසල් 609ක ප්‍රමාණයේ සිට පාසල් 1,000ක් දක්වා වර්ධනය කිරිමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යතුමිය පැවසී ය.
පාසල් අධ්‍යාපනයෙන් පසු තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා එම අංශයට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ ද සහය ඇතිව උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා එම ක්ෂේයට අදාළ සියලු පාර්ශවකරුවන් සමඟ රැස්වීම් පවත්වමින් මූලික කෙටුම්පතක් සකස් කෙරෙමින් පවතින බවත් එළඹෙන සැප්තැම්බර් වන විට සම්පූර්ණ කෙටුම්පත සකස් කොට ඉදිරිපත් කෙරෙන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.
එම සැලසුම් යටතේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් 10, 11 ශ්‍රේණිවල වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරු විද්‍යාල හරහා ගුරුවරුන් බඳවාගෙන පුහුණු කිරීමට කටයුතු කරනු ඇත.
දැනට වෘත්තීය විෂය ධාරාවන් සඳහා පත් කර ඇති ගුරුවරුන් වෙනුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ද සහය ඇතිව විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි කාලීන ප්‍රවණතා සහ අත්දැකීම් ලබා දෙමින් ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවක් ඉදිරි අවුරුදු පහක කාලයක් දක්වා වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වෘත්තීය විෂය ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා අනුව වෘත්තීය විෂය ධාරාව නැවත සමාලෝචනය කර විෂය මොඩියුල සඳහා අවශ්‍ය වෙනස්කම් ඇතුලත් කිරීම 2026 සහ 2027 වසරවල් තුළ අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.