2025 වසරේ පළමු කාර්තුවේ දී ගෝලීය වෙළඳ භාණ්ඩ පරිමාවේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ නමුත් වසර අග වන විට එහි ප්‍රසාරණය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක වෙළඳ සංවිධානය පවසයි.
නවතම දත්ත පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක වෙළඳ සංවිධානය ඊයේ (15) මේ බව ප්‍රකාශ කර ඇත.
එම දත්තවලට අනුව මෙම වසරේ පළමු කාර්තුවේ දී ලෝක භාණ්ඩ වෙළඳාමේ පරිමාව පෙර කාර්තුවට වඩා සියයට 3.6කින් සහ පෙර වසරට සාපේක්ෂව සියයට 5.3කින් ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදයේ ඉහළ තීරුබදු අපේක්ෂාවෙන් උතුරු ඇමරිකාවේ ආනයන වැඩිවීමක් ඊට ප්‍රධාන හේතුව වී ඇත.
කෙසේ වෙතත් වැඩි කළ තීරුබදු, ආනයන ඉල්ලුමට බලපාන බැවින් ඉදිරි මාසවලදී වර්ධන වේගය ලිහිල් වනු ඇතැයි ලෝක වෙළඳ සංවිධානයේ ආර්ථික විද්‍යඥයින් අපේක්ෂා කරයි.
අප්‍රේල් මාසයේ දී නිකුත් කරන ලද ගෝලීය වෙළඳ දැක්ම සහ සංඛ්‍යා ලේඛන වාර්තාවට අනුව ලෝක වෙළඳ සංවිධානය 2025 වසර සඳහා ගෝලීය වෙළඳ භාණ්ඩ පරිමාවේ සියයට 0.2ක පහත වැටීමක් පුරෝකථනය කර තිබිණ. ඒ සමගම එක්සත් ජනපදයේ “අන්‍යෝන්‍ය තීරුබදු” නැවත හඳුන්වා දීමෙන් පසු ගෝලීය වෙළඳාමේ අවිනිශ්තතාවක් මතුව ඇති අතර බරපතල අවාසි පිළිබඳ අවදානම් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.
පළමු කාර්තුවේදී එක්සත් ජනපද ආනයන වසරින් වසර සියයට 25 කින් ඉහළ ගිය අතර, දෙවන කාර්තුවේ මුල් මාස දෙක තුළ වර්ධනය සියයට 1 දක්වා අඩු වී ඇති බව ලෝක වෙළඳ සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.
-CGTN Sinhala