වන අලින්ට වෙඩි තැබී වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනබව පරිසර අමාත්‍ය වයිද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. නීති විරෝධීව ඉදිකර ඇති විදුලි වැට සඳහාද දැඩිලෙස නීති පනවන බව ඊයේ පරිසර අමාත්‍යංශයෙදී පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කිරීම සඳහා සාකච්චාව පැවැත්වුනා. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද මේ අවස්ථාවට එක්වුනා. අලින්ට වෙඩි තැබීම් පිලිබදව නිරන්තරයෙන් වාර්තාවන බවයි ඇමතිවරයා මෙහිදී කියා සිටියේ.
ඊට විරුද්දව දැඩි නීති පැනවීමේ අවශ්‍යතාව ඔහු පැහැදිලි කලා. පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර ගනිමින් ඉදිකර ඇති නීති විරෝධී අලි වැට සඳහා නීති යාවත්කාලීන කිරීමේ අවශයතාව කෙරේ අවධානය යොමු කලා.
අලි මිනිස් ගැටුමට මේ වනවිට සාධනීය විසදුම් ලබා දෙමින් පවතින බවත් ගැටුම් බහුල ප්‍රදේශ වලට අලිවැට ඉදි වෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.