බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද සිට (28) Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබෙනවා

ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා

ස්ථානීය වැරදී 33ක් සදහා Govpay හරහා දඩ ගෙවීමට හැකි අතර එමගින් දඩ ගෙවන පුද්ගලයාට තැපැල් කාර්යාලයට ගෙවන මුදල ඉතිරි වන බවද ඔහු පැවසුවා

රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබා දීමට නියමිත බවත් ඉදිරි මාස කිහිපය තුළ සෙසු පොලිස් ස්ථානවලටත් දුරකථන ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටියා

අගෝස්තු මාසයේ 4 වෙනදාට පෙර බස්නාහිර පළාත තුල මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්
සෙසු පළාත් කිහිපයක වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා

Comments (0)

Your email address will not be published. Required fields are marked *