නව රජයේ පරිසර ප්‍රතිපත්තිය පැසසුමට ලක්වේ.

දකුණු ආසියාතික දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංගමය හා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අතර හමුවක් අද දින (28) පෙරවරුවේ පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

ඒ වෙනුවෙන් එහි සභාපති Asish Gupta සහ මහලේකම් Karamot Ullah Biplob යන මහත්වරු සහභාගී විය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ නව රජයේ පරිසර ප්‍රතිපත්ති සහ එහි ප්‍රගතීන් පිළිබඳ සාකච්ඡා වූ අතර “වනස්පති” ජාතික වැඩසටහන පිළිබඳ එම සංසදය විසින් පැසසීමට ලක් කෙරුණා.

ශ්‍රී ලංකාවේ පෙර පැවති රජයන්ට සාපේක්ෂව නව රජය විසින් පරිසර සංරක්ෂණ ක්‍රියාවලීන් සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බව ද ඔවුන් මෙහිදී පවසා සිටියා.

ඊට සමගාමීව දකුණු ආසියාතික කලාපයේ මාධ්‍යවේදීන් තුළ ප්‍රබෝධයක් ඇති වී ඇති බවයි එම සංසදය වැඩිදුරටත් සදහන් කළේ.

ලොව ප්‍රථම වරට දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ කලාපීය සංසදයක් “දකුණු ආසියානු දේශගුණික විපර්යාස මාධ්‍යවේදීන්ගේ සංසදය (SACCJF)” නමින් 2022 නොවැම්බර් මාසයේදී ෂාර්ම්-එල් ෂෙයික් (ඊජිප්තුව) හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (COP 27) අතරතුර ස්ථාපිත කෙරුණා.

මෙම සංසදය ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් එක්ව දකුණු ආසියාතික කලාපයේ රටවලට මුහුණ පෑමට සිදුවන ගංවතුර, නායයෑම් වැනි දේශගුණ විපර්යාස සඳහා ජනතාව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් මැදිහත්වීමේ අරමුණෙන් පිහිටුවන ලද්දක්.

Comments (0)

Your email address will not be published. Required fields are marked *