ධූරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනියගෙන් පැසසුම්

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සාමකාමී මැතිවරණ ත්‍රිත්වය සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් ධුරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනිය වන Bonnie Harbach මහත්මිය පවසා තිබෙනවා.

ඇය ඒ බව පැවසුවේ ඊයේ (28)  අග්‍රාමාත්‍ය කාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවූ අවස්තාවේදීයි.

සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථමවයි ඇය මෙලෙස අග්‍රාමාත්‍යවරියව හමු වූයේ.

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව සහ එම අභියෝග ජය ගැනීම  සඳහා නෙදර්ලන්ත රජය සහයෝගය   ලබා දෙන බවත් තානාපතිනිය මෙහිදී අවධාරණය කළා.

නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් සහය පිලිබඳව සතුටු වන බව සදහන් කල අග්‍රාමාත්‍යවරිය, ඉදිරියටත් නෙදර්ලන්තයේ සහය ශ්‍රි ලංකාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.

නෙදර්ලන්ත තානාපතිනියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් තමා සුභපැතුම් එක් කරන බව ද  අග්‍රාමාත්‍යවරිය මෙහිදී  වැඩිදුරටත් පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී,  නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක නාමල් පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *