ගාසා තීරය ‘සැබෑ සාගතයකින්’ පෙළෙන බව ට්‍රම්ප් පවසයි

ගාසා තීරයේ “සැබෑ සාගතයක්” ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එවැනි දෙයක් නොමැති බව අවධාරණය කර ඇති පසුබිමක දී.

ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය මගින් ගාසා තීරයේ මිනිසුන්ගේ කුසගින්න ඇති කිරීමට කටයුතු කිරීම බොරුවක් බව නෙතන්යාහු පැවසීම සමඟ එකඟ දැයි විමසූ විට, එක්සත් ජනපද ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත පිළිතුරු දුන්නේ: “මම දන්නේ නැහැ… ඒ ළමයින්ට හොඳටම බඩගිනි වගේ… ඒ ඇත්තටම කුසගින්නෙන් පෙළෙන දේවල්.”

හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැවසුවේ පසුගිය පැය 24 තුළ මන්දපෝෂණය හේතුවෙන් 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව, 2023 ඔක්තෝම්බර් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට මන්දපෝෂණය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ළමුන් 88 ක් ද ඇතුළත් බව අමාත්‍යාංශය පවසනවා.

ගාසා තීරයට සියලුම සැපයුම් ඇතුළුවීම පාලනය කරන ඊශ්‍රායලය, ගාසා තීරයේ සාගතයක් නොමැති බව ප්‍රතික්ෂේප කර ඇති අතර ආහාර හිඟයට වගකිව යුතු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Source : BBC

Comments (0)

Your email address will not be published. Required fields are marked *