රනිල් අද CID ට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා

Comments (0)

Your email address will not be published. Required fields are marked *