රාජ්‍ය සේවය නූතනත්වයේ සංස්කෘතිකයකට ගෙන යාමට හෞතික සහ අධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබදව ස්‍වයංවිවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැගීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා ඔහු මේ බව සදන් කළේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව අමතමින්
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සදහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරිම සදහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසරේ සදහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සදහා තවත් රුපියල් කෝටි 11,000ක් වෙන් කිරිමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ජනාධිපති වරයා මෙහිදි සදහන් කර සිටියා