මධ්‍යම තැපැල් හුවමාරුව හදිසි නිරීක්ෂණයට

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු වල වත්මන් තත්ත්වය සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ දිනයේ එහි හදිසි නිරික්ෂණයක නිරත වී තිබෙනවා.

නිරීක්ෂණයෙන් පසු එහි වත්මන් තත්ත්වය, ඉදිරි පියවර සහ පවතින ගැටලු කෙරෙහි අවධානය යොමු කොට නිලධාරීන් සහ සේවක මණ්ඩලය සමග සාකච්ඡා කර තිබෙනවා.

රට ස්ථාවර කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බැවින් එම අරමුණ යටතේ තැපැල් දෙපාර්තමේන්තුවද මෙහෙයවීමට කටයුතු කරන බව මෙහි අවදාරනය කළ අමාත්‍යවරයා තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පොදු ගැටලුවක් වන සේවක හිගය සහ ප්‍රවාහන ගැටලු නිරාකරණය සදහා පියවර ගනිමින් සිටින බව පැවසීය.

දැනට ලියාපදිංචි සිටින ආදේශ තැපැල් සහයකයින් 1000 කගේ සේවා ස්ථීර කිරීමටත් අලුතින් ආදේශක තැපැල් සහයකයින් 1000ක් ද ලියාපදිංචි කර ගැනීමට අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ශක්තිමත් රාජ්‍ය සේවාවක් මෙරටට අවශ්‍ය වන බවත් රටේ ආදායම දුර්වල මට්ටමක පවතින බැවින් ආර්ථිකයේ වර්ධනය සමග බදවා ගැනිම් ඉහළ නැංවීමට කටයුතු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට තැපැල්පති ,මධ්‍යම තැපැල් හුවමාරු අධිකාරිනි , නියෝජ්‍ය තැපැල්පතිවරුන් මෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් ඇතුළු කාර්යමන්ඩලය එක්ව සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *