ආරක්‍ෂාව සඳහා වාහන ආසන පටි පැළඳීම පිළිබඳ රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් කටුනායක දී පැවැත්වුණා.
පසුගිය ජූලි පළවනදා සිට සියලුම රියැදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ අතර
එළැඹෙන සැප්තැම්බර් මස පළමුවනදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ආසන පටි පැළඳීම පිළිබඳ නීතිය යළි බලාත්මක කිරීම හා ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් රථවාහන රියැදුරන් සහ මගී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පුද්.) සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී දැනුම්වත් කිරීම සඳහා මුද්‍රිත පත්‍රිකා බෙදාදීම සිදුවූ අතර, මෙම වැඩසටහන සම්බන්ධයෙන් රියැදුරන් සහ මගී ජනතාව සිය ප්‍රසාදය ද පළකර සිටියා.
‘මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම’ යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වසර දෙකක ක්‍රියාකාරී සැලැස්මට අනුව දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.