චීනය සහ ඇමරිකාව අතර සයිබර් සටනක් ?

ඇමරිකාව චීනයට එරෙහිව සිදු කළ සයිබර් ප්‍රහාර පිළිබඳව නිසි ප්‍රතිපියවර ගන්නා බව චීනය පවසයි.චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (1)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීන සයිබර් ආරක්ෂක සංගමය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.අදාළ වාර්තාවට අනුව, ජර්මනිය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ නෙදර්ලන්තය යනාදී සිය සන්ධාන රටවල් හරහා ඇමරිකාව 2024 වසරේ චීනයේ වැදගත් ආයතන ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර එල්ල කළ අතර එහි කේන්ද්‍රීය තොරතුරු පද්ධති වෙත ප්‍රවේශ වීමට උත්සාහ දරමින් සිටී.එය ඇමරිකාව චීනයට එරෙහිව අයුතු ලෙස දැඩි සයිබර් ප්‍රහාරයන් ක්‍රියාත්මක කළ නවතම සාක්ෂි බව Guo Jiakun මහතා පැවසීය.එයින් ඇමරිකාව චීනයේ ප්‍රධාන සයිබර් තර්ජන සහිත රටක් වීම පිළිබිඹු වූ බවද හෙතෙම සඳහන් කළේය.සිය සයිබර් ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය අඛණ්ඩව නිසි ප්‍රතිපියවර ගනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසීය.
-CGTN Sinhala

Comments (0)

Your email address will not be published. Required fields are marked *