රන්දෝලි පෙරහැර ආරම්භයත් සමඟ මහනුවර ආරක්ෂාව තර කිරීමට පියවර

රන්දෝලි පෙරහැර ආරම්භ වීමත් සමඟ මහනුවර නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක පවසනවා.
ඒ අනුව දැනට යොදවා ඇති 6000ක් වන පොලිස් බල ඇණියට තවත් නිලධාරීන් 500ක් යොදවා තිබෙනවා.
මේ බව පැවසුවේ ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ දී පැවැති මාධ්‍ය හමුවකදී
පෙරහැර ගමන් කරන මාර්ග ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කරන බව කී ඒ මහතා මහනුවර නගරය මඟහැර ගමන් කිරීම සඳහා දැනට නම් කර ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.
අත්‍යවශ්‍ය නොවේ නම් මහනුවර නගරයට පැමණීම අවම කරන ලෙසත් පෙරහැර නැරඹීමට පැඹිණෙන්නේ නම් ප්ලාස්ටික්, පොලිතීන් ආදිය රැගෙන ඒම හැකිතරම් අවම කරන ලෙස ත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කුඹල් පෙරහැර පැවැත්වුණු දින 05 තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සිද්ධි වාර්තා නොවුණත් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නන් ඇතුළු සැක සහිත යම් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක වැඩිදුරටත් පවසා සිටියා

Comments (0)

Your email address will not be published. Required fields are marked *